Wednesday, January 14, 2026
Follow Us
ධම්මික බණ්ඩාර මහතාගේ ඖෂධය සාර්ථක නම් ආසාදිතයන්ට ලබා දීමට බටහිර වෛද්‍යයවරුන්ද එකඟ වී තිබෙනවා- සම කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය අමතමින් සම කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටියේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොවිඩ්19 වෛරසය මර්ධනය කිරීම සඳහා හදුන්වා දී ඇති දේශීය ඖෂධය සම්බන්ධයෙන් රජය බලාපොරොත්තු තබමින් සිටින බවයි.

“ඖෂධය සාර්ථක ප්‍රතිචාර දක්වන්නේ නම් පවතින තත්වය යටතේ කෙටිකාලීන ක්‍රියාමාර්ගයක් ලෙස ධම්මික බණ්ඩාර මහතාගේ ඖෂධය ලබාදීමට බටහිර වෛද්‍යවරුන් ද එකඟතාව පළ කර තිබෙනවා” යැයි රමේෂ් පතිරණ මහතා කියා සිටියි.

(Lanka Leads)