Wednesday, January 14, 2026
Follow Us
කටුනායක ගුවන්තොටුපොළ දොරටු ජනවාරියේදී සංචාරකයන්ට ඇරෙයි

එළඹෙන ජනවාරි මාසයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකයන්ට යළි විවෘතකිරීමට එහි බලධාරීන් තීරණය කර තිබේ.

සෞඛ්‍ය අංශවල අනුමැතිය පරිදි එය විවෘත කිරීම සඳහා නිශ්චිත දිනයක් පිළිබඳ තීරණය කිරීමට බලධාරීහු මේ දිනවල රැස්වෙමින් සාකච්ඡා කරමින් සිටිති.
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ විවෘත කළ පසු එහි පැමිණෙන සංචාරකයන් සහ එහි නිලධාරීන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් මාලාවක් සැකසෙමින් පවතී.

(Lanka Leads)