Friday, November 14, 2025
Follow Us
“බ්‍රැන්ඩික්ස් පොකුරේ” මුල තවම සොයාගෙන නෑ – අමාත්‍ය සරත් වීරසේකර

මහජන ආරක්ෂාව භාර ඇමති සරත් වීරසේකර ඊයේ (07) දින පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේ; කොවිඩ් – 19 දෙවන රැල්ල මතුවූ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව තුළට එම වෛරසය පැමිණියේ කෙසේදැයි මෙතෙක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින් ස්ථාවර නියෝග 27/3 යටතේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

අමාත්‍ය සරත් වීරසේකර එම පැනයට පිළිටුරු දෙමින් තවදුරටත් සඳහන් කර සිටියේ; ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා යොදවා සිටි නිලධාරීන්ද මේ වනවිට කොවිඩ් – 19ට ගොදුරුවී ඇති බවයි.

(Lanka Leads)