Wednesday, January 14, 2026
Follow Us
ගාල්ල කොට්ඨාශයේ සියලු පාසැල් අද  සිට වසා තැබේ

කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් අද (07) දින සිට වසා දැමිමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා පවසනවා.

දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ සමග කළ සාකච්ඡාවකින් පසු මෙම තිරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් විවෘත කරණ දිනය සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡාකොට පසුව දැනුම් දෙන බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ.

ඇත්තිලිගොඩ දකුණ,මකුළුව, දෙද්දුගොඩ,උතුර, තලාපිටිය හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරිවසම්වල මෙකි ප්‍රජාවගේ කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණ ලැබෙන තෙක් සිමා සහිත සංචරණ සිමා පනවා ඇත.

(Neth)