Wednesday, January 14, 2026
Follow Us
උත්සව සමයේ සංචරණයන් සීමා නොකළොත් කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යා හැකියි

ඉදිරියේ පැමිණෙන උත්සව සමයේ සංචරණයන් සීමා නොකළ හොත් කොරෝනා රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ කොවිඩ් පාලනයට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවයි.

ජනතාව සෞඛ්‍ය උපදේශ නිසි ලෙස පිළිනොපැදීම කොරෝනා දෙවැනි රැල්ල රට පුරා ව්‍යාප්තියට බලපා ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

(Aruna)