Friday, April 19, 2024
Follow Us
කොළඹ කොරෝනා ව්‍යාප්තියේ අඩුවීමක්!

කොළඹ මහ නගර සීමාවේ ඉදිරි කාලය තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වීමක් සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විද්‍යාඥ සුදත් සමරවීර මහතා අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

PCR පරීක්ෂණ මඟින් මේ වන විට හමුවන රෝගීන්ගේ ශරීරය තුළ පවත්නා වෛරස ධාරිතාවේ අඩු වීමක් පෙන්නුම් කරන බවද සමරවීර මහතා සඳහන් කරයි.

කොළඹ මහ නගර සීමාවේ අද දින සිට හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ සම්බන්ධයෙන්ද තීරණ ගත්තේ වාර්තා වන රෝගීන් හා පවතින තත්ත්වයන් පිළිබඳ පිරික්සීමෙන් අනතුරුව වන අතර ප්‍රතිදේහ පරීක්ෂණවලින් හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය අඩු වී තිබෙන බවයි ඔහු කියා සිටියේ.

මෙම තත්ත්වයන් මත ඉදිරි කාලයේදී රෝග ව්‍යාප්තියේ අඩුවක් බලාපොරොත්තු වන බවද සුදත් සමරවීර මහතා පවසන ලදී.

මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 23484ක් වාර්තා වී තිබෙන අතර දිවුලපිටිය හා පෑළියගොඩ පොකුරෙන් ආසාදිතයින් 19946ක් වාර්තා වී තිබේ.

(LNW)