Friday, April 26, 2024
Follow Us
වී ගොවියාට ආණ්ඩුවෙන් නව කොන්දේසි

ඉදිරි කන්නයේ සිට පොහොර නොමිලයේ ලබාගන්නා ගොවීන්ගේ වී නිෂ්පාදනයෙන් කොටසක් අනිවාර්යයෙන් රජයේ සහතික මිලට රජයට අලෙවි කළ යුතු බවට කොන්දේසියන් පැනවීමට තීන්දු කර තිබේ.

පොළොන්නරුවේ සහල් වෙළෙඳුන්ගේ ඒකාධිකාරය නතර කිරීමට අතිරික්ත සහල් තොග තබා ගැනීමට ආණ්ඩුව ගනු ලැබූ තීරණය අනුව මෙම කොන්දේසිය පැනවෙයි.

දැනට ගොවි ජනතාවට අක්කරයකට යූරියා පොහොර කිලෝ 90ක් නොමිලයේ ලබා දෙයි. එසේම මඩ පොහොර කිලෝ 25කුත් බණ්ඩි පොහොර කිලෝ 98කුත් නොමිලයේ ලබාදෙයි. සෙසු වගාවන් සඳහා අවශ්‍ය කරන පොහොර ලබාදෙන්නේ මිටියක් රුපියල් 1500කටය. දැන් ලෝක වෙළෙඳපොළේ පොහොර මිටියක වටිනාකම රුපියල් 5000කි. රජය වසරකට පොහොර සඳහා ලබාදෙන මෙම සහනාධාරයට රුපියල් කෝටි 4500ක් වැය කරයි.

එම සහනාධාරය උපයෝගී කරගෙන වී වගා කරන ගොවීන්ගේ වී නිෂ්පාදන හෝ රජය නියම කරන ප්‍රතිශතයක් රුපියල් 50/-ක සහතික මිලට රජයට ලබාගැනීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන ළඟදීම ප්‍රකාශයට පත් කෙරේ.

(Lanka LEads)