Friday, November 14, 2025
Follow Us
තැපැල් සේවකයින්ට නිවේදනයක්

හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනිකුත් ප්‍රදේශවල පදිංචි තැපැල් කාර්යාල සාමාජිකයන් වහාම තම සේවා අංශයේ සහකාර අධිකාරී අමතා ලැබෙන උපදෙස් අනුව කටයුතු කළ යුතු බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එසේම මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කටයුතු පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පියවරෙන් පියවර යථා තත්වයට පත්වෙමින් තිබෙන බවද සඳහන් කළා.
(Aruna)