Thursday, April 18, 2024
Follow Us
වෙබ් අඩවි නියාමනයක් නැහැ – හැබැයි අනිවාර්යෙන්ම ලියාපදිංචි විය යුතුයි

කිසිදු වෙබ් අඩවියක් නියාමනය කිරීමට රජයට අවශ්‍ය නැතිමුත් සියළු වෙබ් අඩවි අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.

සියලු වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී 2014 වර්ෂයේ හඳුන්වා දුන් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අවස්ථාවේ වෙබ් අඩවියක් ලියාපදිංචි කිරීම සඳහා රුපියල් ලක්ෂයක මුදලකුත් වාර්ෂිකව බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් 25,000ක මුදලකුත් අය කිරීමට තීරණය කල බවත් එහෙත් විවිධ පාර්ශව වලින් කෙරුණු ඉල්ලීම් මත ලියාපදිංචි ගාස්තුව රුපියල් 25,000 දක්වාත් බලපත්‍රය අලුත් කිරීමේ ගාස්තුව රුපියල් 5000 දක්වා අඩු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

එහෙත් පසුගිය වසර පහ තුළ මේ සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක් සිදුව නැති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ අදහස් පළ කළේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

(Lanka LEads)