Thursday, April 25, 2024
Follow Us
ස්වාධීන කොමිෂන් සභා පහකට සාමාජිකයෝ පත් වෙති

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ස්වාධීන කොමිෂන් සභා පහක් සඳහා සාමාජිකයන් පත්කර ඇටි බව වාර්තාවේ.

ඒ අනුව නිමල් ජී. පුංචිහේවා මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නම් කර ඇති අතර, එම්. එම්. මොහොමඩ්, ගුණපාල වික‍්‍රමගේ, ජීවන් ත්‍යාගරාජා සහ කේ. පී. පී. පතිරණ යන මහත්වරුන් සෙසු සාමාජිකයන් ලෙස නම් කර තිබේ.

විනිසුරු ජගත් බාලපටබැඳි මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ද, ඉන්‍ද්‍රානි සුගතදාස, ලීලසේන ලියනගම, වෛද්‍ය ටී. ආර්. සී. රුබේරු, ඩයන් ගෝමස්, ඩබ්ලිව්. එම්. පියදාස, දිලිත් ජයවීර, හේමා ධර්මවර්ධන හා නිමල් කරුණාසිරි යන මහත්ම මහත්මීන් සෙසු සාමාජිකයන් ලෙසද නම් කර ඇත.

හිටපු පොලිස්පතිවරයකු වන චන්‍ද්‍රා ප‍්‍රනාන්දු මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලෙසත්, එස්. ලියනගම, සංජීව පතිරණ, එම්. එස්. එම්. සම්සුදීන් සහ පේ‍්‍රමසිරි ප‍්‍රනාන්දු යන අය සෙසු සාමාජිකයන් ලෙසත් පත්කර ඇත.

මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ජගත් බාලසූරිය මහතා පත්කර ඇති අතර විජිත නානායක්කාර, චන්දන උඩවත්ත, හර්ෂ නවරත්න සහ කුමාර බලල්ල යන අය මානව හිමිකම් කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයෝ වෙති.

හිටපු විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව සභාපතිත්වයට නම් කර ඇති අතර හිටපු විනිසුරු දීපාලි විජේසුන්දර හා චන්‍ද්‍රා නිමල් වාකිෂ්ඨ යන අය එහි සෙසු සාමාජිකයෝ වෙති.


(Lanka LEads)