Friday, November 14, 2025
Follow Us
සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට

රාජ්‍ය අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සරත් වීරසේකර අමාත්‍යවරයා යටතට පත් කෙරෙනු ඇති.

සරත් වීරසේකර මහතා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.

අමාත්‍ය සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල්වරයෙක් ලෙස කටයුතු කළ කීර්තිමත් නිලධාරියෙකි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසට ද ඔහු කලක් කටයුතු කළේ ය.

(Aruna)