Wednesday, May 08, 2024
Follow Us
EPF එක ගන්න 60 වෙනකම් ඉන්න ඕන නැහැ

පෞද්ගලික අංශ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ දමනු ලැබුවද අවශ්‍ය අයකුට සිය සේවක අර්ථසාධක අරමුදල් (EPF) ප්‍රතිලාභය වයස 55 දී ලබා ගැනීමට හැකි බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

විශ්‍රාම වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ නැන්වූයේ ජනතාවගේ ආයු අපේක්ෂාව වැඩිවීම වැනි කරුණු සලකා බලා බවද රාජ්‍ය ඇමැතිවරයා කියයි. පෞද්ගලික අංශ සේවකයන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට 2021 අයවැයෙන කර ඇති යෝජනාව පිළිබඳව ‘අරුණ’ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

‘‘දැන් ආයු අපේක්ෂාව හැත්තෑ හය හැත්තෑ හත වෙනකං වැඩිවෙලා තියෙනවා. එතකොට යම්කිසි පුද්ගලයෙක් අවුරුදු පනස් පහෙන් විශ්‍රාම ගිහිල්ලා අවුරුදු හැත්තෑ අට හැත්තෑ නවය වෙනකන් ජීවත් වෙනවා නම් අවුරුදු විසි හතරක් පමණ සමාජයෙන් නඩත්තු කරන්නට අවශ්‍යයි. අනෙක් එක ඒ පුද්ගලයන් කියයි මට වැඩ කරන්න පුළුවන් කියලා. බොහෝ දෙනෙකුට වැඩ කරන්න පුළුවන්. ඒ හින්දා තමයි එක වැඩක්ක ඉවර වෙලා විශ්‍රාම අරගෙන ගිහිල්ලා වෙන වැඩක් කරන්නේ. දැන් ඒ අයට ඒ ආයතනයෙන් තව අවුරුදු පහක් වැඩ කරන්න දෙනවා නම් මොකක්ද ඒකේ තියෙන වැරැද්ද?

මම ඒ දවස්වල යෝජනා කෙරුවා ඊ.පී. එෆ්. එකෙන් සියයට විස්සක් වුණත් ඊ.පී.එෆ්. හිමියාටම ඍජුවම ලබා දෙන්න කියලා. එහෙම කරන්න අවකාශයක් තිබෙනවා නම් පනස් පහෙන් මේක කරන්න බැරිකමක් නැහැ. යම්කිසි කෙනෙක් ඇවිල්ලා කිව්වා නම් මට පනස් පහෙන් සල්ලි ටික ඕනේ කියලා ඒක දෙන්න පුළුවන් යැයි රාජ්‍ය අමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

(Aruna)