Thursday, April 25, 2024
Follow Us
අ.පො.ස (සා/පෙ.) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු විමසයි

අ.පො.ස (සා/පෙ.) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු විමසීම.

වර්තමානයේ පවතින පවතින COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ 2020 වර්ෂයේ පාසල් පැවැත්වීම විධිමත් පරිදි සිදු නොවීම හේතුවෙන් පන්ති කාමර අධ්‍යාපන කටයුතු අඩපණ වීම සිදු වුව ද පළාත්, කලාප සහ පාසල් මට්ටමින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහ විවිධ විද්‍යුත් හා මුද්‍රිත ක්‍රමවේද භාවිතයෙන් ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාමට කටයුතු කර ඇත.

02. ඒ අනුව පාසල්වල පවතින පහසුකම් මත 2020 වර්ෂයේ 11 ශ්‍රේණියේ සියලු ම විෂයයන්ට අදාළ සියලු විෂය ඒකක ආවරණය කිරීමට හැකියාව ලැබුණේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම සඳහා 11 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතුවල නිරත ගුරුභවතුන්ගෙන් තොරතුරු ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු සැලසුම් කර ඇත.

03. මෙම තොරතුරු මාර්ගගත ව ලබා ගැනීමට කටයුතු කරන බැවින් පහත උපදෙස් අනුගමනය කරමින් තොරතුරු ඇතුළත් කරන ලෙස 11 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතුවල නිරත සියලු ම ගුරුභවතුන් දැනුවත් කරන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටී.

http://info.moe.gov.lk දිගුව මඟින් මේ සඳහා පිවිසීමේ හැකියාව ඇත.

(news.lk)