Wednesday, January 14, 2026
Follow Us
ජනපති කාර්යාලයේ වියදම වසරකින් බිලියන 1.8 කින් පහළට

ජනාධිපති සහ අගමැති වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද සංශෝධන සහිතව සම්මත වුණා. ඒ, එම වැය ශීර්ෂ පිළිබඳ අද පැවැති විවාදයෙන් අනතුරුවයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම වසරේ වියදම ඉකුත් වසරට සාපේක්ෂව රුපියල් බිලියන 01 යි දශම 8 කින් අඩුවී ඇතැයි එහිදී අනාවරණ වුණා.

මේ අතර පොලිස්පති ධූරයට ජනාධිපතිවරයා විසින් නම් කර එවූ වැඩබලන පොලිස්පති සී ඞී වික‍්‍රමරත්නට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය අද හිමිව තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරයා විසින් නම් කර එවූ අභියාචනාධිකරණ විනිසුරුවරුන් 14 දෙනාට ද මෙහිදී අනුමැතිය හිමිවුණා.

(Neth)