Wednesday, April 24, 2024
Follow Us
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හෙට සිට යළි විවෘතයි

කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (24) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ප්‍රධාන කාර්යාලය විවෘත කළ ද එමගින් සේවා සැපයීම කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම මත පමණක් සිදුකෙරෙන බවයි.

ඒ සදහා මහජනතාවට අද (23) සිට සතියේ පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා පහත සදහන් දුරකථන අංක අමතා කල්වේලා ඇතිව දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැකිය.

මීට අමතරව යාපනය, අනුරාධපුරය, කුරුණෑගල, ගම්පහ හා හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාල මගින් වාහන පැවරීමට අදාළ සේවාවන් තවදුරටත් පවත්වාගෙන යන බැවින් මහජනතාවට ආසන්න කාර්යාලයක් මගින් සේවා ලබා ගැනීමේ පහසුකම් ද ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

hesha 41

(Aruna)