Friday, November 14, 2025
Follow Us
සරසවි නවක සිසුන් ලියාපදිංචිය අද සිට

නවක සිසුන් විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීමේ කටයුතු අද (23 වැනිදා) සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පැවැසීය.

මාර්ගගත (Online) ක්‍රමයට පමණක් ලියාපදිංචි කිරීම් සිදුකෙරෙන අතර, ඒ සඳහා වන උපදෙස් ප්‍රතිපාදන කොමිසන් සභාවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියේ පළ කර ඇත.

නව අධ්‍යයන වර්ෂය (2019/2020) සඳහා සිසුන් හතළිස් එක්දහස් පන්සියයක් පමණ විශ්වවිද්‍යාලයලට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබේ.

(Aruna)