Friday, November 14, 2025
Follow Us
ඉදිරි සතියේදී තවත් හුදෙකලා ප්‍රදේශ කිහිපයක් විවෘත කරනවා - යුද හමුදාපති

කොවිඩ් වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් තර්ජනයක් නොමැති ප්‍රදේශ කිහිපයක් ඉදිරි සතිය තුළ යළිත් සාමාන්‍ය කටයුතු සඳහා විවෘත කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. හුදෙකලා කර ඇති ඇතැම් ප්‍රදේශවලින් පසුගිය දිනවලදී ආසාදිතයන් කිසිවෙකුත් වාර්තා වී නොමැති බවත්, එවැනි ප්‍රදේශ විවෘත කිරීම සම්බන්ධයෙන් මේ දිනවල අධ්‍යයනය කරමින් සිටින බවත් යුද හමුදාපතිවරයා පවසයි.

හුදෙකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති සහ සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවත්, ඩ්‍රෝන තාක්ෂණය හරහා ඔවුන් හඳුනා ගැනීම සිදුවන බවත් යුද හමුදාපතිවරයා පවසනවා.

දැඩි අවනදානමක් පැවති ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල අවදානම අවම වී ඇති අතර ඊට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් කොළඹ නාගරික කලාපය තුළ දිනෙන් දිනම අවදානම ඉහළ යමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

(LNW)