Wednesday, January 14, 2026
Follow Us
බදු පද්ධතිය හසු නොවී කළු සල්ලි 40%ක් මෙරට ආර්ථිකයේ

රටේ ආර්ථික වටපිටාව තුල බදු පද්ධතියට හසු නොවූ කළු සල්ලි සියයට 40ක් පමණ සංසරණය වෙමින් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය කොමසාරිස් එම් ජේ ගුණසිරි ස`දහන් කලේ එලෙස ව්‍යාපාරිකයින් විසින් සඟවා ඇති මුදල් ජාතික ආර්ථිකයට ලබා ගැනීමට කටයුතු කරන බවයි.

බදු වංචාකරුවන්ට එරෙහිව පියවර ගැනීමට කටයුතු කර ඇති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් එම් ජේ ගුණසිරි පැවසුවේ.

2021 අය වැය ලේඛනය තුල සඳහන් බදු සහන හා බදු වංචා වැලැක්වීමට ගත් පියවර පිළිබද මේ වන විට සමාජය තුල කතාබහක් ඇති වී තිබෙනවා.

(Neth)