විදුලි හා බලශක්ති :
*. ලක්විජය විදුලි බලාගාරයේ විදුලි උත්පාදන ධාරිතාව වැඩි කිරීම.
*. කෙරවලපිටිය බලාගාරය ස්වාභාවික වායු බලාගාරයක් බවට පරිවර්තනය කිරීම යෝජනා කරනවා.
*. මෙගාවොට් 600 ක ධාරිතාවයකින් යුත් තවත් විදුලි බලාගාර දෙකක් රට තුළ ඉදිකිරීමට නියමිතය
*. රටේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1000 දක්වා වැඩි කිරීම
මහා මාර්ග :
*. මැරීන් ඩ්‍රයිව් මාර්ගය මොරටුව දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව අගමැති පවසයි
තේ කර්මාන්තය :
2021 ජනවාරි මස සිට වතුකම්කරුවන් ගේ දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩි කෙරේ, එම මුදල් ගෙවිමට් අපොහොසත් වන වතු සමාගම් සම්බන්ධයෙන් වූ බදු ගිවිසුම් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නව නීති ගෙන ඒමට පියවර ගන්නවා.
දේශීය කිරි කර්මාන්තය :
*. ආනයනික කිරිපිටි වෙනුවට දේශීය දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා කිරි ගවයින් රජය විසින් මෙහෙයවනු ලබන රිදීගම සහ බෝපත්තලාවා ගොවිපල සඳහා ආනයනය කිරීමට නියමිතය.
* කිරි කර්මාන්තය සඳහා සිදු කෙරෙන ඇමරිකානු ඩොලර් මිලියන 25 කට වැඩි ආයෝජනයක් සඳහා සහන ලබා දිය යුතුය
කෘෂි කර්මාන්තය :
* ගොවීන් විසින් වගා කරන භෝග සඳහා මිලදී ගැනීමේ සහතික මිලක් නියම කෙරේ
*. කෘෂිකාර්මික කටයුතු සඳහා වගා කළ හැකි ඉඩම් භාවිතා කිරීමට යොමු කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරුන් බල ගැන්වීම සඳහා ගොවි සංවර්ධන පනත සංශෝධනය කිරීම
විදේශ රැකියා :
*. ශ්‍රී ලංකාවේ විදේශගත ශ්‍රමිකයින් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම
*. විදේශ ගත ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන සෑම ඩොලරයක් සඳහා රු.2ක් ලබා දීමටත් එමගින් වාර්ෂික ප්‍රේෂණ වැඩි කිරීම යෝජනා කෙරේ
සංචාරක කර්මාන්තය :
* සංචාරක කර්මාන්තය සඳහා ලබාදී ඇති ණය පහසුකම් සඳහා වන නැවත අයකිරීම 2021 සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට යෝජනා කෙරේ
*. දේශීය සමාගම් 2021 දෙසැම්බර් 31 ට පෙර කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කළහොත් 50% ක ආදායම් බදු නිදහස් කිරීමක් යෝජනා කෙරේ
*. සේවක සංඛ්‍යාව 50ට වැඩි පෞද්ගලික ආයතන වල සේවකයන් සඳහා රක්ෂණාවරණයක් හඳුන්වා දිය යුතුයි
* වෘත්තීය පුහුණු සිසුන් සඳහා මාසික ශිෂ්‍යාධාර රු. 4000ක් ලබා දිමටත් මේ සඳහා අතිරේකව රුපියල් මිලියන 3000 ක් වෙන් කිරීමට යෝජනා කෙරේ
*. පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට වසර 5ක බදු විරාමයක්.
* හෙද විදුහල උපාධි ලබා දෙන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙසට උසස් කිරීමට යෝජනා කෙරේ
* දුරස්ථ අධ්‍යාපන ක්‍රමය නගා සිටුවීම සඳහා ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන් නැරඹීමට සිසුන්ට අවස්ථාව ලබා දීම සඳහා ග්‍රාමීය පාසල් සඳහා රූපවාහිනී යන්ත්‍ර ලබා දීම. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 3000 ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.
සෞඛ්‍ය සේවා ආයෝජනය :
*. මාතෘ ළමා සායන, රසායනාගාර, රෝහල් සහ පර්යේෂණ ආයතන වැනි සෞඛ්‍යයට සම්බන්ධ ආයතන සඳහා අතිරේකව රුපියල් මිලියන 18,000 ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.
*. ත්‍රීපෝෂ නිෂ්පාදනය වැඩිකිරීමට රු.මි 1500 අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කෙරේ
* කොවිඩ් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනා කෙරේ
තාක්‍ෂණික :
*. සන්නිවේදන කුළුණු පිහිටුවීම සඳහා හඳුනාගත් රජයේ ඉඩම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පැවරිය යුතුය
*. ගාල්ල, කුරුණෑගල, අනුරාධපුර, මහනුවර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල තාක්‍ෂණික උද්‍යාන 05 ක් ඉදි කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 10,000 ක් වෙන් කිරීමට නියමිතය
*. තාක්ෂණික සේවාවන් පුළුල් කිරීමට රුපියල් මිලියන 8000ක් වෙන් කිරීමට යෝජනා
*. බුද්ධිමය දේපළ හා දත්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති සම්පාදනය කරනවා.
*. ග්‍රාමීය සන්නිවේදනය වැඩිදියුණු කිරීම ටෙලිකොම් ගිණුම සඳහා රුපියල් මිලියන 15,000ක ආයෝජනයක් සිදුකිරීමට යෝජනා කෙරේ. බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ශක්තිමත් කිරීමට මෙම අරමුදල යොදා ගැනීම සිදුකෙරේ.
ජාතික ආරක්ෂාව :
* ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම, මෙරට මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා නාවික හමුදාව ශක්තිමත් කිරීම. යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ පහසුකම් වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 20,000ක් වෙන් කිරීමට යෝජනාවක්
* මහජන ආරක්ෂාව වෙනුවෙන් පොලිස් සේවය වැඩිදියුණු කිරීම. මත්ද්‍රව්‍ය පාලනය, මංකොල්ලකෑම් අපරාධ වැළැක්වීම සඳහා පුහුණු කිරීම, ප්‍රජා ආරක්ෂාව සඳහා රුපියල් මිලියන 2500ක අතිරේක අරමුදල් සැපයීමට යෝජනා කෙරේ
*. සමෘධි ලාභින් සඳහා 7% ක විශේෂ ණය යෝජනා ක්‍රමයක්
* ආදායම් බදු ගෙවීමේදී අසත්‍ය කරුණු පදනම් කර ගනිමින් වාර්තා සකස් කරනු ලබන පෞද්ගලික බදු උපදේශක සේවාවන් අවලංගු කිරීම සඳහා නව නීති ගෙන ඒමට යෝජනා කෙරේ
* කෘෂි කර්මාන්ත සහ ධිවර කටයුතු ආදායම් ඉදිරි වසර 05 ක කාලය සඳහා බදු මුදලින් නිදහස් කෙරේ
*. රුපියල් මි. 25ට වැඩි ආදායමක් උපයන ආයතන සඳහා ඇති 8% වැට් බදු එසේම පවතිනු ඇති.
* ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවීමේදී සහන ක්‍රමයක් යෝජනා කරනවා.
* මත්පැන් / සිගරට් / දුරකථන/ සුදූ / මෝටර් රථ සඳහා වන නව ඔන්ලයින් බදු ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කරයි
* විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරනවා.
* රාජ්‍ය ණය 90% සිට 70% දක්වා පහතට ගෙන ඒමට අපේක්ෂා කරනවා.
*. සියයට 6 ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව අගමැති පවසනවා.
*. 2021 වර්ෂය සඳහා වන අයවැය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීම මේ වන විට සිදුකරමින් පවතිනවා.
(Neth)