රජය විසින් දැනට පනවා ඇති වාහන ආයනය සීමා 2022 වසරේ මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක විය හැකි බවට වාර්තා වේ. මෙම අයවැයෙන්ද අදාල සීමා ඉවත් නොකිරීමට රජය තීරණය කර ඇති බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.
පෞද්ගලික භාවිතයට ගන්නා, මෝටර් රථ, ජීප් රථ, වෑන් රථ ආනයනය කිරීම පසුගිය මාර්තු මාසයේ සිට අත්හිටුවීමට රජය පියවර ගත් අතර විදෙස් සංචිත ආරක්ෂා කර ගැනීම එහි අරමුණ බවයි රජයේ ප්‍රධානීන් සඳහන් කළේ. මාස කිහිපයකට සීමා වන පරිදි එම තහනම ක්‍රියාත්මක කළ නමුත් මේ වනවිට එය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
මෙවර අයවැයෙන්ද එම සීමා ඉවත් නොකිරීමට තීරණය කර ඇති පසුබිමක, අදාල සීමා 2022 වසරේ මාර්තු 31 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇති බවට නිගමනය කළ හැකි බවයි ලංකා වාහන ආයනයකරුවන්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂක කීර්ති ගුණවර්ධන මහතා පවසන්නේ.
මෙම තහනම හේතුවෙන් රථවාහන විකිණීමේ ව්‍යාපාරය සම්පූර්ණයෙන් කඩාවැටී ඇති බවට විවිධ චෝදනා එල්ල වූ නමුත් එම සීමා ඉවත් නොකරන බව රජය දිගින් දිගටම ප්‍රකාශ කළේය.
(LNW)