Wednesday, September 09, 2026
Follow Us
විශේෂ කැබිනට් රැස්වීමක් අද

අය-වැය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන විශේෂ කැබිනට් රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (17) උදෑසන 10.00ට පැවැත්වේ.

මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවට අද ඉදිරිපත් කරන අය-වැය ලේඛනය සම්බන්ධයෙන් මෙහිදී කැබිනට් අමාත්‍යවරුන් දැනුවත් කිරීමට නියමිතය.

අය-වැය ලේඛනයට කැබිනට් අනුමැතිය ලබාගැනීම ද මෙම විශේෂ කැබිනට් හමුවේදී සිදුකෙරෙනු ඇත.

(Dinamina)