Thursday, November 13, 2025
Follow Us
පොදු ප්‍රවාහන සේවා යළි ඇරඹෙන්නේ මෙහෙමයි

කොළඹ කොටුව සහ පිටකොටුව ප‍්‍රදේශ හුදෙකලා කෙරුණුද අද දිනයේ සිට මගී ප‍්‍රවාහන සේවා සිදු කිරීමට අවසරය හිමි වූ බව බස් රථ ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. කෙසේවෙතත් එම බස්රථ ධාවනයේදී හුදෙකලා කර ඇති අනෙක් ප‍්‍රදේශවල නතර කිරීමට කිසිදු රියදුරෙකුට නොහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් කියාසිටියේ.

යම් බස් රථයක් නිරෝධායන රීති කඩ කරන්නේ නම් ඒ පිළිබද දන්වන ලෙසයි රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මගීන්ගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර ලංකා ගමනා ගමන මණ්ඩලයද මේ වනවිට බස් රථ ධාවනයට එක් කර තිබෙනවා.

මේ අතර පෞද්ගලික බස් රථ ධාවනය සම්බන්ධයෙන්ද නෙත් නිවුස් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් විමසීමක් කළා. එහි ප‍්‍රධාන ලේකම් අංජන පි‍්‍රයන්ජිත් පැවසුවේ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල බස් රථ නොනවත්වා ධාවනය කරන ලෙසට බස්රථ සේවකයන් දැනුවත් කර ඇති බවයි.

අද දිනයේ සිට දුම්රිය ගමන් වාර 80ක් කි‍්‍රයාත්මක කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර හුදෙකලා කෙරුණු ප‍්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සිය කාර්ය මණ්ඩල ගෙන්වා ගතයුතු ආකාරය සම්බන්ධයෙන් පොලීසිය පැහැදිලි කිරීමක් කළා.

(Neth)