Thursday, November 13, 2025
Follow Us
බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරීමට පනවා තිබූ සීමාව ඉවතට- හුදකලා කර තිබෙන ප්‍රදේශවලින් පිටවීම සපුරා තහනම්

බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරීමට පනවා තිබූ සීමාව මේ වනවිට ඉවත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ මහතා පවසයි:

ඒ අනුව බස්නාහිර පළාතෙන් පිට වීමේ හැකියාව පවතී.

කෙසේ වෙතත් බස්නාහිර පළාත තුළ හුදකලා කර තිබෙන පොලිස් වසම් ගණන 24ක්.මෙයින් පොලිස් වසම් 18ක් හුදකලා මට්ටමේ පැවතුණා. ඒ අනුව අද උදෑසන 5.00 සිට තවත් පොලිස් වසම් 6ක් මෙසේ හුදකලා කිරීමට ලක් වුණා. මරදාන,වේල්ල වීදීය,කොටුව,පිටකොටුව,කොම්පඤ්ඤ වීදිය සහ කැලණිය යන පොලිස් වසම් මෙසේ හුදකලා කෙරුණා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 24ක් මේ වනවිට හුදකලා කර තිබෙනවා. මේ ප්‍රදේශවල ජනතාව එම ප්‍රදේශවලින් පිටවීම සපුරා තහනම් වෙනවා. ජනතව තම නිවාස වලට වී සිටිය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

(news.lk)