Wednesday, January 14, 2026
Follow Us
බැසිල් කඩිමුඩියේ පාර්ලිමේන්තුවට නොඑන බවට රජයෙන් ප‍්‍රකාශයක්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට ප‍්‍රවේශවන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් අද දිනයේදීද විවිධ අදහස් පළ වුණා.

ද්විත්ව පුරුවැසි භාවය සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලද අදහස් පළ කළා. ඒ මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින්.

කෙසේවෙතත් අමාත්‍ය සී බී රත්නායක පැවසුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ කඩිමුඩියේ පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට, පාර්ලිමේන්තුවට ප‍්‍රවේශ වන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 19 දෙනෙකු ලිපියකට අත්සන් තබා තිබුණා. රටේ ආර්ථික සංවර්ධනය උදෙසාත්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සක‍්‍රීය දායකත්වය රටට ලබාදීම ස`දහාත්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ප‍්‍රවේශ වීම අත්‍යවශ්‍ය යැයි තමන් විශ්වාස කරන බවයි අදාළ මන්ත‍්‍රීවරුන් පිරිස යොමු කළ ලිපියේ දැක්වුණේ.

(Neth)