Thursday, November 13, 2025
Follow Us
2021 අයවැය ලබන අඟහරුවාදා

2021 වර්ෂයට අදාල අයවැය වාර්තාව ලබන 17වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අයවැය දෙවනවර කියවීමේ විවාදය දින 4ක් පැවැත්වීමට තීරණය කර ඇති අතර එය 18 වන දා සිට 21 වන දා තෙක් පැවැත්වීමට නියමිතව තිබේ.

අයවැය විවාදය පෙරවරු 10.30 සිට පස්වරු 05.30 දක්වා පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21වන දින පස්වරු 05.00ට සිදුකිරීමට නියමිතව තිබේ.

අයවැය සම්බන්ධ කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙනවා.

එමෙන්ම තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10වන දින පස්වරු 05.00ට සිදු කෙරෙනු ඇති.

(Lanka Leads)