රජයේ ආර්ථික අර්බුදවලට විසඳුම් සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (I.F.M) ආයතනයේ සහාය ලබා නොගැනීමට රජය තීරණය කර ඇත.
ඔවුන් සමඟ ණය වැඩසටහනකට එක්වී රජයේ මුදල් සංචිතයට ණය මුදල් ලබා ගන්නා ලෙස කර ඇති යෝජනාව රජය පිළිගෙන නැත. මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට ඇතුළත් වුවහොත් රටේ බදු ඉහළ නැංවීම, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය, රුපියල අවප්‍රමාණය කිරීම ආදී කොන්දේසිවලට යටත් වීමට සිදුවෙයි. එවන් දේ සිදු කළහොත් රජයට බරපතළ සමාජ හා දේශපාලන ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන නිසා මූල්‍ය අරමුදලට නොයාමේ තීන්දුව ගෙන තිබේ.
ශ්‍රී ලංකා රජය මූල්‍ය අරමුදලට සම්බන්ධ වුවද ඔවුන් ලබා දෙන්නේ මාස 4ක කාර්තුවට ඇමෙරිකානු ඩොලර් මිලියන 150 වැනි සාමාන්‍ය මුදලකි. එවැන්නක් ලබා ගැනීමට රජය කළ යුතු කැපකිරීම අති විශාල නිසා එම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර වෙනත් මූලාශ්‍ර වලින් සහාය ලබා ගැනීමට නියමිතය.
(Lanka Leads)