Friday, September 19, 2025
Follow Us
දැන් මිනුවන්ගොඩ පොකුරෙන් ආසාදිතයො එන්නෙ නෑ - පවිත්‍රා

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තවදුරටත් ආසාදිතයන් වාර්තා නොවන බවත්, එම පොකුර මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. කොවිඩ් ව්‍යාප්තිය සහ එම ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් අද පැවති සභාව කල් තැබීමේ විවාදයේ පිළිතුරු කතාව සිදු කරමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළේය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල හරහා පැතිර ගි‍ය තත්වය තවදුරටත් ව්‍යාප්ත ‍වෙමින් පවතින බවත්, එය හැකිතාක් සීමා කර ගැනීමට රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගන්නා සියලු රෝගීන්ට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබාදුන් බවත්, තවදුරටත් ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගියහොත් ඔවුන් සියලු දෙනාටම ප්‍රතිකාර ලබාදීමට රජය සූදානම් බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය පවසනවා.

(LNW)