Wednesday, January 14, 2026
Follow Us
වසරක් පුරා පරිප්පු 150 ට දෙන්න බන්දුලගෙන් සැලසුම් - අඩු මිලට බඩු විකුණන්න නව වෙළදසැල් ජාලයක්

ලබන වසර පුරා රතු පරිප්පු කිලෝවක් රුපියල් 150 ක මුදලකට අළෙවි කිරීමට කටයුතු කරන බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව සහ සතොස හරහා එම මිලට රතු පරිප්පු ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ග‍්‍රාමීය මට්ටමින් තරුණ ව්‍යවසායකයන් දහසක් බිහි කිරීම සහ සාධාරණ මිලට භාණ්ඩ අලෙවි කිරීම සදහා විශේෂ අළෙවි සැල් ජාලයක් ඉදිරියේදී ස්ථාපිත කරන බව ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සදහන් කළා.

(Neth)