පසුගිය දිනවලදී සිදු වූ කොවිඩ් මරණවලින් බහුතරයක් නිවෙස් තුළ සිදු වූ මරණ වන අතර ඇතැම් විට ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගන්නේද මරණ පරීක්ෂණයේදීය. මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී, සොඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ජයරුවන් බණ්ඩාර මහතා පැහැදිලි කළේය.
නිවෙස් තුළ මරණයට පත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් තවමත් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකර නොමැති බවත්, එවැනි අධ්‍යයනයක් ඉදිරියේදී සිදු කරන බවත් ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. විවිධ හේතු නිසා මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බව පෙන්වා දෙන වෛද්‍යවරයා පවසන්නේ ජනතාවගේ නොසැලකිල්ල ඒ සඳහා ප්‍රධාන හේතුවක් වන බවයි.
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වුවහොත් ඔවුන්ට පාංශුකූල, මළ බෙර, කොඩිවැල්, ගුණ කථන කිසිවක් නොමැතිව අවසන් ගමන් යෑමට සිදුවන බව මතක තබාගත යුතු බවත් ඒ නිසා හැමවිටම වගකීමෙන් සහ සැළකිලිමත් ලෙස කටයුතු කළ යුතු බවත් ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.
මේ වනවිට රටේ තත්ත්වය පවතින්නේ තෙවැනි අදියරේ බවත්, එය සිව්වැනි අදියර දක්වා යෑමේ ඉඩක් පවතින බවත් ඔහු පෙන්වා දෙනවා. වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වී ආසාදිතයන් හමුවන ආකාරය නිශ්චිතව හඳුනාගත නොහැකි තත්ත්වයට පත් වුවහොත් එය හතර වැනි අදියර ලෙස හැඳින්විය හැකි බවත් වෛද්‍යවරයා සඳහන් කරනවා.
(LNW)