Friday, September 19, 2025
Follow Us
කොවිඩ් මරණ සමාලෝචනයට කමිටුවක් ඇයි ?

කොවිඩ් ආසාදිතයන්ගේ මරණ ගණන ඉහළයාමත් සමඟ සිදුවන මරණ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කළ කමිටුව විසින් කමිටු වාර්තාව සතියක් ඇතුලත ඉදිරිපත් කළ හැකි වේ යයි බලාපොරොත්තු වන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරනවා.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩි දුරටත් මෙලෙස අදහස් පළකරනු ලැබුවා.

“පසුගිය දිනවල කොවිඩ් 19 රෝගය නිසා මරණ වාර්තා වීමේ යම්කිසි වැඩිවීමක් දැක්ක නිසත් මරණවලට පැහැදිලි හේතුව, කොවිඩ් – 19 රෝගයමය ද එහෙම නැත්නම් කොවිඩ් -19 රෝගය යම්කිසි ආකාරයකින් වක්‍රාකාරයෙන් වෙනත් නිදන්ගත රෝග නිසා සිදුවු මරණ ද විශේෂයෙන් නිවාසවලදී සිදුවු මරණවලදී මේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණීමේ පමාවක් ද ? සෞඛ්‍ය අංශවල පමාවක් ද? එහෙමනම් ඒවට හේතු මොනවා ද ? මේ තත්ත්වය මඟහරවා ගැනීමට මොනවාද කරන්න පුළුවන් කියන කාරණා පිළිබඳව විශ්ලේෂණය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත්කරලා තියෙනවා. සතියක් ඇතුළත සිදුවු මරණ පිළිබඳ වාර්තාවක් එළිදකී කියන එක බලාපොරොත්තු වෙනවා.“

(Aruna)