Friday, September 19, 2025
Follow Us
තැපැල් කටයුතු අද ඇරඹේ

කොරෝනා වෛරසය හේතුවෙන් අඩාල වී තිබූ ලිපි බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් පෙර පැවති තත්ත්වයෙන්ම ලිපි බෙදා හැරීමට නොහැකි වනු ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු ද මේ වනවිට ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවයි තැපැල්පතිවරයා පැවසුවේ.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය මගින් සපයන ලේඛණ සහතික කිරීමේ සේවා අද සිට යළි ආරම්භ කිරීමට නියමිතයි. කෙසේවෙතත් සේවා ලබාගැනීමට පැමිණීමට පෙර 011 2 33 88 12 යන අංකයට ඇමතුමක් ලබාදී වේලාවක් වෙන්කර ගන්නා ලෙසටයි. ජනතාවට දැනුම් දෙන්නේ. එලෙස වේලාවක් වෙන්කර ගත හැක්කේද උදෑසන දහයේ සිට පස්වරු 2 ක දක්වා පමණයි.

(Neth)