Wednesday, January 14, 2026
Follow Us
හුදෙකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවට ආහාර සපයන්න වැඩසටහනක්

හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල සිටින ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ලබාදීම සදහා වැඩපිළිවෙලක් සකසා ඇති බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

යුද හමුදාපතිවරයා කියාසිටියේ ඇතැම් ස්ථානවලින් එම කටයුතු නිසි පරිදි සිදු නොවූ බවටද තොරතුරු පවතින බවයි.

හුදෙකලා කර ඇති තොටලග මිහිජය උයන නිවාස සංකීර්ණයේ ජනතාව තමන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොලැබුණු බවට චෝදනා කරමින් ඊයේ විරෝධතායක ද නිරත වුණා. කෙසේවෙතත් පොලීසිය මැදිහත්වී තත්ත්වය පාලනය කළා.

(Neth)