Thursday, September 18, 2025
Follow Us
අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත් කළ ආකාරය ගැන නීතිපතිගෙන් විරෝධතා

20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් 06 දෙනෙකු පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කටයුතු කර ඇත.

මෙම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඒ වන විට 11 දෙනෙකු වූ අභියාචනා අධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 17 ක් දක්වා වැඩි කර ඇත.

එහෙත් ජනාධිපතිවරයා නව විනිසුරුවරුන් පත් කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා කටයුතු කර ඇති බවට නීතිපතිවරයා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කොට ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නම් පාර්ලිමේන්තු සභාවේ සාකච්ඡාවට ලක්වන අතර එම සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාය.

(Lanka Leads)