Thursday, September 18, 2025
Follow Us
තෙවන වාරයට විකල්ප ක්‍රම යොදා ඉගැන්වීම්

වසංගත තත්වය තෙතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රමවේද භාවිත කරමින් උගැන්වීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව අමාත්‍යංශ ලේකම් ආචාර්ය උපාලි. එම් සේදර මහතා නිවදනය කර ඇත්තේ බස්නාහිර පළාතේ ප්‍රමුඛ පාසල් හා දමිළ මාධ්‍ය සඳහා යාපනයේ ප්‍රමුඛ පාසල් ද සම්බන්ධ කර ගනිමින් විද්‍යුත් මාධ්‍ය ගුවන් විදුලිය ද තොරතුරු තාක්ෂණයද උපයෝගිකර ගනිමින් විෂයානු බද්ධ අධ්‍යාපනික වැඩසටහන් සම්පාදනය කරන ලෙසයි.

දැනට රාජ්‍ය හා පෞද්ගලික නාලිකාවල නියෝජිතයන් සමඟ සාකච්ඡා කරමින් පවතින බව පැවසේ. මෙම ක්‍රමවේදය නොවැම්බර් 15 වන දින සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙන බවද පැවසේ.

(Aruna)