නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වී කොවිඩ්19 වෛරසය බෝකරන පුද්ගලයන් සිටිය හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව එවැනි පිරිස් හඳුනා ගැනීම සඳහා බුද්ධි අංශ විමසිල්ලෙන් සිටින බව පැවසූ යුද හමුදාපතිවරයා බුද්ධි අංශ කණ්ඩායම් පහක් පමණ මේ වන විට ඒ සඳහා යොදවා ඇතැයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.
දෙවැනි වරට ඇතිවූ කොවිඩ්19 වෛරස් ආසාදන රැල්ල අතිකිරීමට දායක වූ පිරිස් අතර මුහුදු මාර්ගයෙන් පැමිණි අය ද වෙනත් නීති විරෝධී මාර්ග වලින් මෙරටට ඇතුළු වූ පිරිස්ද සිටිය හැකි බව ඔහු පැවසුවේය.
ඒ අනුව මෙවැනි පිරිස් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වැඩි අවධානයක් යොමු කළ යුතු බව කියා සිටි යුද හමුදාපතිවරයා,පසුගිය කාලයේ මෙරටට පැමිණ ඇති ගුවන් යානා කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලිය යුතුව ඇති බව ද අවධාරණය කළේය.
මේ අතර ආරක්‍ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සඳන් කරන්නේ නීති විරෝධී ක්‍රම මගින් මෙරටට ඇතුල් වෙන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් දැනටමත් ආරම්භකර ඇති බවයි.
(Lanka Leads)