Thursday, September 18, 2025
Follow Us
කොවිඩ් 19 මැද මගී ප්‍රවාහනය ක්‍රම 3කට!

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) දින ඉවත් කිරීමෙන් පසු පොදු මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සඳහා කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් එළිදැක්වීමට නියමිතය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරන්නේ එය ක්‍රමවේද තුනක් යටතේ හඳුන්වා දී ති බවයි.
එය තවමත් ජනගත නොකෙරුණද යුද හමුදාපතිවරයාට සහ සෞඛ්‍ය අංශවලට එය හඳුන්වා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව සාමාන්‍ය ක්‍රමය යටතේ ධාවනය කරනවා නම් ඒ කියන්නේ මගීන් අසුන්ගෙන වගේම හිටගෙනත් යනවා නම් ගාස්තු අපි වැඩිකරන්නේ නෑ. අනෙක් ක්‍රමවේදය ආසන ගණනට මගීන් ධාවනය කිරීම. තුන්වෙනි ක්‍රමවේදය තමයි යම් නිරෝධායන ප්‍රදේශයක තර්ජනයක් තියෙනවා කියලා සෞඛ්‍ය අංශ අපිට දැනුම් දුන්නොත් එක ආසනයකට එක මගියෙක් බැගින් රැගෙන යාම. මේ ක්‍රමවේද දෙකේ යම් ගාස්තු සංශෝධනයක් අපිට කරන්න වෙයි," යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

(LNW)