බස්නාහිර පළාතට සහ තවත් පොලිස් බල ප්‍රදේශය කිහිපයකට පනවා ඇති ඇදිරි නීතිය සදුදා දිනයේ ඉවත් විය හැකි නමුත් කොරෝනා වසංගතයේ භයානක තත්ත්වය වීමක් හෝ රෝගය පැතිරීම පාලනය කිරීමක් සිදුවී නැතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.
එනිසා ජනතාව තවදුරටත් ආරක්ෂිතව කටයුතු කිරීමක් අවශ්‍ය යැයිද ඔහු කියා සිටියි. ඔහු එම කාරණය අවධාරණය කර සිටියේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ඇඳිරි නීතිය ඉවත් කරන්නේ ජනතාව දිගින් දිගට ම පීඩාවට පත් කිරීමට නොහැකි හැකි නිසා මිස රෝග අවදානම ඉවත් වීම නිසා නොවන බව පැවසු ඔහු, එලෙස සංචාරණ සීමා අවම කර සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කිරීමට අනිවාර්යෙන් හුරු විය යුතු බව ක්‍රියා සිටියේය.
මේ වන විට කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වැඩිම අවදානම ඇත්තේ බස්නාහිර පලාතට බවත් කී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානීයා, කොළඹ මහ නගර සභාවේ සීමාවේ රෝගීන් වැඩි වශයෙන් හමුවන බවද සඳහන් කළේය.
කෙසේවුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ, කොවිඩ් -19 වෛරසය රට තුළ පාලනය කළ යුතු සේම රට විවෘත කර තැබීමද වැදගත් බවයි.
ජනාධිපතිවරයා පවසන්නේ, තීන්දු තීරණ ගැනීමේදී සමස්ථ ක්‍රියාවලිය කෙරෙහිම අවධානය යොමු කරමින් නිවරැදි තීරණ ගත යුතුව ඇති බවය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොවිඩ් -19 වෛරසය රට තුළ පාලනය කිරීම සම්බන්ධයෙන් නොවැම්බර් 04 දා පැවැති සාකච්ඡාවකදීය.
(Lanka Leads)