Tuesday, January 13, 2026
Follow Us
රථවාහන දඩ ගෙවන්න සහන කාලයක්

මේ වනවිට පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ මත වසා දමා ඇති ප්‍රදේශවල හා නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල මෙන්ම විවිධ ප්‍රයෝගික තත්ත්වයන් හමුවේ තැපැල් කාර්යාල විවෘත කිරීමට නොහැකි ප්‍රදේශ වල පොලිස් රථ වාහන අංශ විසින් නිකුත් කර ඇති ස්ථානීය දඩපත් සඳහා වූ ගෙවීම් කිරීමට නොහැකි වී ඇත.

මෙමගින් අපහසුතාවයට පත් වූ ජනතාවට සහන සැලසීමට පොලිස්පති සහ තැපැල්පති කරන ලද නිර්දේශයන් අනුව රථවාහන ස්ථානීය දඩපත් ගෙවීමට සහන කාලයක් ලබා දීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව කොවිඩ් 19 දෙවන රැල්ල හේතුවෙන් කාර්යාල කටයුතු නතර කිරීමට කටයුතු කළ දින සිට දිවයින පුරා සංචරණ සීම ඉවත් කරන දින දක්වා වූ දින ගණන අතහැර, වරද කළ දින සිට දින ගණනය කර දඩ ගෙවීමට අතිරේක කාලයක් ලබා දීම සිදු කෙරේ.

(Aruna)