Thursday, September 18, 2025
Follow Us
රාජ්‍ය ආයතනවලට NGO සහ තානාපති කාර්යාල සමග ගිවිසුම් අත්සන් කිරීම තහනම් කරයි

රජයේ ආයතනවලට විදේශ රාජ්‍ය නොවන සංවිධාන සහ තානාපති කාර්යාල සමග කිසිදු ගිවිසුමක් අත්සන් කිරීම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තහනම් කර ඇත.

ජනපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ පසුගිය කාලය තුළ කිසිදු අධ්‍යයනකින් තොරව රාජ්‍ය සහ පළාත් පාලන ආයතන එවැනි ගිවිසුම්වලට යොමු වීම හේතුවෙනි.

උතුරු පළාත් සභාව පසුගිය සමයේ කැනඩාව සමග එවන් ගිවිසුම්වලට ඇතුළත්ව තිබූ බව රජයට හෙළි වී තිබිණි.

මෙරට කි‍්‍රයාත්මක වන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සහ බටහිර තානාපති කාර්යාල ඔවුන්ගේ න්‍යාය පත‍්‍ර මත රාජ්‍ය ආයතන සමග අවබෝධතා ගිවිසුම්වලට එළැඹී ඇති බවට ද රජයට අනාවරණය වී ඇත.

(Lanka Leads)