Thursday, September 18, 2025
Follow Us
කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරිමට අවසර දීමට නියමිතයි!

කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මල සිරුරු භූමදානය කිරීමට අවසර ලබා දීම ගැන සලකා බැලීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේය. ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කර ඇති විශේෂඥ කමිටුව විසින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ඊයේ පාර්ලිමේන්තුවේදි කරණු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියාය.

නමුත් කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් සදහා අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය මේ වන විට ගැසට්ටුවක් මගින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

(Lanka Leads)