Tuesday, January 13, 2026
Follow Us
මුහුණු ආවරණ නැතිව කටයුතු කලොත් වැඩවරදියි

මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ නිසි දුරස්ථ බව තබා නොගැනීම යන කරණා සම්බන්ධයෙන් පුද්ගලයින් 75 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

ඒ පසුගිය ඔක්තෝම්බර් 15වන දා ප්‍රකාශයට පත්වූ ගැසට් නිවේදනයට අනුවයි. එනිසා මුහුණු ආවරණ පැළදීම හා පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම අනිවාර්යය වනවා.

රුපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් අද (04) පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත.

(Aruna)