Tuesday, January 13, 2026
Follow Us
පාසල් වෑන් රථ හිමිකරුවන්ට යළිත් ලීසිං සහනයක්

පාසල් වෑන් රථ හිමිකරුවන් සදහා යළිත් ලීසිං සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පාසල් වසා දැමීම හේතුවෙන් පාසල් වෑන් රථ කර්මාන්තය ද දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමය පැවසුවේ.

මෙම අසීරු අවස්ථාවේදී පාසල් වෑන් රථවලින් භාවිත කරන ළමුන්ගේ මව්පියන්ගෙන් සම්පූර්ණ මුදලක් අයකර ගැනීමට අපේක්ෂා නොකරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

පාසල් වෑන් රථ හිමිකරුවන් ද මුහුණපා සිටින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරි දින කිහිපයේදී යළි ලීසිං සහනයක් ලබාදීමට රජය කටයුතු කරන බවයි ප‍්‍රවාහන අමාතය ගාමිණී ලොකුගේ නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

(NEth)