Thursday, September 18, 2025
Follow Us
කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානයට අවසර දීමට සලකා බලනවා - පවිත්‍රා

කොරෝනා වෛරසය වැළඳීමෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව සලකා බලන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කර ඇති වෛද්‍ය විශේෂඥයින්ගේ කමිටුව මේ සතියේ රැස්වීමට නියමිත බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ කරුණ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළ අතර ඊට අදාළව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා සහ මුජිබර් රහුමාන් මහතා ද අදහස් දැක්වූහ.

 

(LNW)