Thursday, September 18, 2025
Follow Us
මඟුලට 50යි – අවමඟුලට 25යි

නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවල පවත්වන මංගල උත්සවයකට සහභාගි කරවාගත හැකි උපරිම අමුත්තන් සංඛ්‍යාව 50ක් බවත් අවමංගල්‍ය උත්සවයක ඕනෑම වෙලාවක සිටිය හැකි උපරිම පුද්ගලයන් ගණන 25කට සීමාවිය යුතු බවත් නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳව රජය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ පද්ධතියේ සඳහන් කර ඇත.

පන්සල්, පල්ලි සහ කෝවිල් තුළ මහජනතාව එක්රැස්වන ක්‍රියාකාරකම් හෝ රැස්වීම්වලට අවසරය නොමැති අතර, එවැනි තැනක ඕනෑම අවස්ථාවක සිටිය හැකි බැතිමතුන් සංඛ්‍යාව උපරිම වශයෙන් පුද්ගලයන් 25කට සීමා කළ යුතු බවද එම මාර්ගෝපදේශ පද්ධතියේ වැඩිදුරටත් සඳහන් වේ.

(Aruna)