Thursday, September 18, 2025
Follow Us
ඇඳීරි නීතිය ඇති ප‍්‍රදේශවල ජංගම රථවලට බලපත‍්‍ර දීම අද සිට

ඇඳීරි නීතිය කි‍්‍රයාත්මක කාලය තුළ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ආහාර නිවෙස් අසලටම ගොස් බෙදා හැරීම සඳහා බලපත‍්‍ර අද සිට නිකුත් කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ අද සිට එම ක‍්‍රමවේදය විදිමත් අයුරින් සිදු කිරීමට කටයුතු කරන බවයි.

කොරෝනා වෛරසයේ පලමු රැල්ල වාර්තා වූ සමයේ ද අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවෙස් අසලටම ගෙන ගොස් බෙදා හැරීමට ආණ්ඩුව කටයුතු කළා. කෙසේවෙතත් එහිදී විවිධ ගැටළු මතු වූ ප‍්‍රදේශ පිළිබඳව නෙත් නිවුස් හරහාද තොරතුරු වාර්තා කළේ ජනතාව මුහුණ පෑ ගැටළුද ගෙනහැර දක්වමින්.

ඒ අනුව නව වැඩපිළිවල සම්බන්ධයෙන් කළ විමසීමකදී යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඇඳීරි නීතිය කි‍්‍රයාත්මක කාලය තුළ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ආහාර නිවෙස් අසලටම ගොස් බෙදා හැරීම ක‍්‍රමවත් අයුරින් සිදු කරන බවයි. සතොස සහ සුපිරි වෙළදසැල් ජාල ඊට සම්බන්ධවීමට දැනටමත් සූදානම් බව යුද්ධ හමුදාපතිවරයා ස`දහන් කළා. ඒ අනුව මීට පෙර ප‍්‍රකාශ කළ පරිදි අද දිනයේ ගම්පහ දිස්ති‍්‍රක්කයේ වෙළදසැල් විවෘත නොවන බවයි ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ මීට පෙර වෙළදසැල් විවෘත කර තැබූ අවස්ථාවේදී ජනතාවගේ හැසිිරීම සතුටු දායක නොවූ බවයි.

යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඇඳීරි නීිතිය හේතුවෙන් අපහසුතාවයට පත්වන පුද්ගලයින්ට සහන සැලසීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ පවසන්නේ් දිස්ති‍්‍රක් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට, ග‍්‍රාම නිළධාරීන්ට හා පළාත් පාලන නියෝජිතයින්ට එහි වගකීම පවරමින් වැඩසටහන කි‍්‍රයාත්මක කරන බවයි.

(Neth)