Tuesday, January 13, 2026
Follow Us
බස්නාහිර ඇඳිරි නීතිය නොවැම්බර් 09 වනදා අලුයම 05 දක්වා දිර්ඝ කෙරේ

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දින 07ක කාලයක් එනම් නොවැම්බර් මස 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මිට අමතරව හෙට පෙරවරු 5 සිට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයට, කුරුණෑගල පොලිස් බලප්‍රදේශයට සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට ද නොවැම්බර් 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා ඇඳිරි නිතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.

(Lanka Leads)