Thursday, September 18, 2025
Follow Us
සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි ආයතන මෙන්න

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට සේවා හැඳුනුම්පත යොදාගත හැකි ආයතන 80 ක් වැඩබලන පොලිස්පතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු උසස් පොලිස් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් පොලිස්පතිවරයා ලිපියක් ද යොමුකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේ අයට රාජකාරී සඳහා ගමන් කිරීමකදී පොලිසියට ගොස් අමතර බලපත්‍ර ලබාගැනීම වෙනුවට සිය හැඳුනුම්පත පිළිගත් ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකිය.

ඊට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී සහ සියලුම මාධ්‍ය ආයතන ද ඇතුළත් වේ.

කෙසේ වෙතත් පුද්ගලික ගමන් සඳහා එය අවභාවිත කරන්නට බැරි බවත් එලෙස නිරෝධන නීති වලට පටහැනිව කටයුතු කරන තැනැත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද වැඩබලන පොලිස්පතිවරයා අදාළ ලිපියෙන් දැනුම්දී තිබේ.

එම ආයතන ලැයිස්තුව පහතින් දැක්වේ….

253756 1

 

253756 3(Aruna)