Thursday, September 18, 2025
Follow Us
බස්නාහිර ඇඳීරි නීතිය හෙට අවසන්ද - තීරණය පස්වරුවේ

බස්නාහිර පළාතට පනවා ඇති ඇඳීරි නීතිය හෙට දිනයේ ඉවත් කරනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ අද දිනයේ ලැබෙන සෞඛ්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් පසු අදාළ තීරණය ගන්නා බවයි. කෙසේවෙතත් මේ වන විට වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරයකට වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි ඔහු කියා සිිටියේ.

ස්වයං නිරෝධායනයට ලක්කර සිටින පිරිස් සිය නිවෙස් වලින් බැහැරට යන තත්ත්වයක් පිළිබඳවද තොරතුරු වාර්තා වී ඇති බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.

යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිිටියේ රෝග ලක්ෂණ නොපෙන්වන එහෙත් පී සී ආර් පරීක්ෂණවලදී රෝගය ඇති බවට තහවුරු වූ පුද්ගලයින් රැදවීමට අලූතෙන් ස්ථාන සකස් කරන බවයි.

කෙසේ වෙතත් බස්නාහිර පළාතට පනවා ඇති ඇඳීරි නීතිය හෙට දිනයේ ඉවත් කරන බවට මීට පෙර ප‍්‍රකාශ කර තිබීම හේතුවෙන් බොහෝ පිරිසක් තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන තිබුණේ සීමිත දින ගණනකට පමණක් බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඒ අනුව යම් හෙයකින් හෙට ඇදිරි නීතිය ඉවත් නොකලහොත් රජයේ තීරණය විශ්වාස කර වෙළඳ සැල් වෙත නොගිය පිරිස අපහසුතාවට පත් වනු ඇති.

(Neth)