Thursday, September 18, 2025
Follow Us
ඇඳිරියට පෙර බස්නාහිර පළාතෙන් පිට පැන්න අයට සිදුවන දේ මෙන්න

දින 03ක කාලයක් සඳහා බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය සමග ඊයේ දිනයේදී පිට පළාත් සඳහා පිටව ගොස් සිටින පුද්ගලයින්ට යළි පැමිණීමේදී විශේෂ හඳුනා ගැනීමකට ලක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

ලබන සඳුදා නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව යළි පැමිණෙන සියලු මාර්ග ආවරණය කරන පරිදි විශේෂ මෙහෙයුමක් සිදුකරන බවත් එහිදී කොළඹ නගරයට ඇතුල්වන ජනතාව ඇඳිරි නිතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පිටව ගොස් ඇති බවට හෙලිවුවහොත් ඔවුන්ට එරෙහිව නිරෝධායන නීති යටතේ ක්‍රියා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

කොළඹ නගරයෙන් පිටතට වෛරස ව්‍යාප්තිය මැඩලීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද මෙම නිරෝධායන ඇඳිරි නීතියට ගරු නොකරමින් ඇතැම් පිරිස් කටයුතු කර ඇති බවට හෙළිවී තිබෙන බැවින් ඔවුන් සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කොට ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙලෙස බස්නාහිර පලාතෙන් පිටව ගිට පුද්ගලයින් එලෙස ගොස් රැඳී සිටින ස්ථාන සම්බන්ධයෙන් මේ වන විටත් තොරතුරු රැස් කරමින් සිටින බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)