Thursday, September 18, 2025
Follow Us
20වැනි සංශෝධනය බලාත්මක වේ

පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් කර තිබේ.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ අද (29) පෙරවරුවේ කථානායක කාර්යාලයේදී කථානායකවරයා ඊට සිය අත්සන තැබූ බවය.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය.

කථානායකවරයා ඊට අත්සන තැබීමත් සමඟම 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් ලෙස බලාත්මක වෙයි.

(Lanka Leads)